“තරග තුනක් දිනූ ශ්‍රී ලංකාවට ලකුණු 12යි, තරග දෙකක් දිනූ ඉන්දියාවටත් ලකුණු 12යි” ලෙජන්ඩ්ස් සංවිධායකයන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි අසාධාරණයක්!

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරගාවලිය මේ වනවිට ඉන්දියාවේදි පැවැත්වෙනවා.

එහිදි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තමන් සහභාගී වූ තරග තුනම ජයගෙන අපරාජිතව රැදී සිටිනවා.

අද ඔවුන් තරග වදින සිව්වෙනි තරගය පැවැත්වීමට නියමිතයි. ඒ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගයි.

මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ හිමි විය යුත්තේ වඩාත්ම තරග ප්‍රමාණයක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට වූවත් ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.

සුපුරුදු පරිදි තරග හතරෙන් තරග දෙකක් ජයගත් ඉන්දීය කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා දී තිබෙනවා.

එය ක්‍රීඩා ප්‍රසාද ලකුණු සටහන් වල මූලධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් වෙනවා.

ගියවරත් තරගාවලිය අතරමැදදී තරගාවලියේ නීති වෙනස්කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා දීමට තරගාවලි සංවිධායකයන් කටයුතු කළා.

ආන්දෝලනාත්මක ප්‍රසාද ලකුණු පුවරුව පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button