ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ තරගය වැස්සට සේදි යයි – ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණුත් නැහැ!

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සිව්වෙනි තරගය ඊයේ දින පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ වර්ෂාව හේතුවෙන්. නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට තිබු මෙම තරගය එකම පන්දුවක්වත් ක්‍රීඩා නොකර අතහැර දැමීමට සිදුවුනා.

මින්පෙර ඉන්දීය කණ්ඩායමේ තරග දෙකක් එලෙසට වර්ෂාව නිසා අතහැරිය අතර එම තරග දෙකට ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා දීමට තරග සංවිධායකයන් කටයුතු කළා.

ඒ සියලු ක්‍රීඩා මූලධර්මද කඩ කරමින්. තරගයක ජයග්‍රාහකයාට ප්‍රසාද ලකුණු හිමිවන්නේ තුනක් පමණයි.

නමුත් අතහැර දැමෙන තරගයක කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා දීමෙන් එම තරගය තුල ප්‍රසාද ලකුණු හතරක් ලබා දෙනවා. එය ක්‍රීඩා මූලධර්ම වලට පටහැනියි.

කෙසේවෙතත් අතහැර දැමුනු ඊයේ දින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හෝ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට කිසිදු ප්‍රසාද ලකුණක් ලබා දුන්නේ නැහැ.

තරග සංවිධායකන් ප්‍රකාශ කරන්නේ තරගය ඉදිරි දිනයකදී පවත්වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button