ජෙරම් ප්‍රනාන්දු ක්‍රිකට් ආක්‍රමණයේ කුමාර් සංගක්කාරගේ භූමිකාව!

ජෙරම් ප්‍රනාන්දු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අමුත්තෙක් නොවේ.

කලක පටන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්, තේරීම් කමිටු සමාජිකයන්, තේරීම් කමිටු සභාපතිවරුන්, ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්, ක්‍රීඩා මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඔහුගේ අනුගාමිකයන්.

කෙසේ වෙතත් ඔහු පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇතිවූයේ භානුක රාජපක්ෂ සම්බන්ධ වීඩියෝවක් හේතුවෙනි.

ජෙරම් ප්‍රනාන්දු සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ලියවුනු සටහනක් සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්වෙමින් තිබෙනවා.

එම සටහන පහතින්,

ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා Never Meet Your Heroes කියලා. කවදාවත් තමන්ගේ ජීවිතයේ වීරයො මුන ගැහෙන්න එපා.

වීරයො අපේ හිතෙන් පරිපූර්ණයි. ඔවුන් 100%ක් නිවැරදියි. අපේ හිතේ ඔවුන් සුදු චරිත.

මිනිස්සු කාගේ හරි “ෆෑන්” කෙනෙක් වුනාම තමන්ගේ වීරයා වෙනුවෙන් සෝෂල් මීඩියා වල සටන් කරන්න පවා යන්නේ ඒකයි.

වීරයො ඇත්තටම මුන ගැහුවම ඔවුන් ගැන අපේ හිතේ ඇදිලා තියෙන ප්‍රතිරූපය බිඳ වැටෙනවා.

කොහේවත් පරිපූර්ණ මිනිස්සු නෑ. 100%ක් පර්ෆෙක්ට් මිනිස්සු නෑ. වීරයාත් සාමාන්‍ය පෘතග්ජන මනුෂ්‍යයෙක්. ඔහුගෙත් දුර්වලතා, අඩුපාඩු තියෙනවා.

අපේ හිත ඒක පිළිගන්නේ නෑ. අපේ වීරයො අපිට පරිපූර්ණයි. ඒ නිසා තමයි කවදාවත් ඔබේ වීරයො මුන ගැහෙන්න එපා කියන්නේ.

ආසියානු කුසලාන ජයග්‍රහණයට පස්සේ භානුක රාජපක්ෂගේ වීඩියො එකක් නිසා ජෙරම් ප්‍රනාන්දු පාදි ලීවරයා ගැන කතාබහ කරළියට ආවා.

එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ වීඩියො එකෙන් දැනගත්තු මිනිස්සු පුදුම වුනා.

බහුතරයක් ටිවී එකෙන් ක්‍රිකට් බලපු, සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙම ‘ෆෑන්ස්ලා’ වෙලා ඉදපු අහිංසක මිනිස්සු මේ වීඩියොවෙන් හෙල්ලුනා..

ඔවුන්ට මේක අලුත් දෙයක්, පුදුමයක්. තමන් ටීවි එකෙන් දැකපු වීරයො කන්ට්‍රෝල් කරන මනුෂ්‍යයෙක් තිරය පසුපස ඉන්නවා කියලා දැනගැනීම ඔවුන්ට වේදනාවක්.

එය ඔවුන් කිසිලෙසක බලාපොරොත්තු නොවු දෙයක්.

ජෙරම් ප්‍රනාන්දු කියලා මනුස්සයෙක් ඉන්නවා, ඔහු මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා මේ රටේ සෝෂල් මීඩියා වලිනුත්, මීඩියා වලිනුත් මුලින්ම කිව්වේ මම.

ඒ 2017 අවුරුද්ද. ජෙරම් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩිව මුල් බැහැගත්තු කාලේ. ජෙරම් ක්‍රිකට් ක්‍රීඩාව නටවපු කාලේ.

එදා අපි ජෙරම් ප්‍රනාන්දු ගැන, ජෙරම් කරන දේවල්, ජෙරම්ගේ ඉතිහාසය හැමදේම හෙළිකළා. ජෙරම්ගේ පස්සෙ යන ක්‍රිකට් CEO ලා හිටියා. සිලෙක්ෂන් කමිටි වල චීෆ් සිලෙක්ටර්ස්ලා හිටියා.

ඔවුන් ලව්වා ජෙරම් තමන්ට ඕනෑ ඕනෑ අයගෙන් කණ්ඩායම පුරවගත්තා. අපේ හෙළිදරව් වලින් පස්සේ ඉරිදා පුවත්පත් කිහිපයක් පමණක් ජෙරම් ප්‍රනාන්දු ගැන හෙළි කළා.

ජනප්‍රිය ධාරාවේ සමහර මාධ්‍යය මේ ගැන කතා කළේ නැහැ. දිගින් දිගටම කරපු අරගලයකින් පස්සේ ජෙරම් ප්‍රනාන්දුගේ බලපැමෙන් තරමක් දුරට ක්‍රිකට් ක්‍රීඩාව මිදුනා.

එදා මෙහෙම කෙනෙක් ඉන්නවා, ඔහු මෙහෙම දේවල් කියලා කිව්වම සමහරු අපිට වෛර කරන්න ගත්තා. ඒ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මෙහෙම දෙයක් කියලා හිතේ රූපයක් ඇදගත්තු මිනිස්සු.

ඔවුන් මේ තිත්ත යථාර්තය පිළිගන්න සුදානම් වුනේ නෑ. අද මේ වීඩියෝ සෝෂල් මීඩියා වල පළවෙද්දි පුදුම වෙලා ඉන්නෙත් ඒ අයම තමයි..

ජෙරම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දෙන්නේ කුමාර් සංගක්කාර. සංගක්කාර විශ්වාස කරනවා අ සනීප වෙලා ඉදපු තමන්ගේ පුතා ස නීප කළේ ජෙරම් කියලා.

ඒ අන්ධ විශ්වාසය සංගක්කාර ජෙරම් ප්‍රනාන්දුගේ විශාලම බැතිමතා කරනවා. ජෙරම් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා කළේ රාගම ක්ලබ් එකට. ඔහු පාස් ටර් කෙනෙක් වෙන්නේ පස්සෙ.

ජෙරම් ක්‍රිකට් ෆීල්ඩ් එක ආක්‍රමණය කරන්නේ සංගක්කාරගේ උදව් මතින්. සංගක්කාර සහ යෙහාලිගෙන් පස්සේ, මහේල, රුවන් කල්පගෙ, චන්දික හතුරුසිංහ ජෙරම්ගේ ආගමට කන්වර්ට් වුනා.

ඒ තමයි ජෙරම් ප්‍රනාන්දුගේ ක්‍රිකට් ෆීල්ඩ් එකේ මුල්ම අනුගාමිකයො. මේ අය බහුතරය සංගක්කාරගේ පවුලේ සමීප මිත්‍රයො.

පස්සේ ඉතා සීග්‍රයෙන් ප්ලේයර්ස්ලා, ඔෆීෂියල්ස්ලා ඇතුලු හැමෝම එක්ක ක්‍රිකට් ෆීල්ඩ් එකම “බෝර්න් අගේන්” වුනා. භානුක රාජපක්ෂ වුනත් උපතින් බෞ ද්ධ යෙක්. ක්‍රිකට් ෆීල්ඩ් එකට ඇවිත් කන්වර්ට් වෙච්ච කෙනෙක්.

ජෙරම්ව සමාජයට නිරාවරණය කරද්දි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සාධක එක්ස්පෝස් කිරීම අනිවාර්ය දෙයක් වුනා.

හැබැයි සංගලා මහේලලා බහුතරයක් ඒ කාලේ සමාජයට වීරයො. ඔවුන්ගේ හිත්වල සංගලා, මහේලලා පරිපූර්ණ මිනිස්සු, සුදු චරිත.

ඉතින් මිනිස්සු තමන්ගේ වීරයො ගැන කියන මේ කතා කිසිසේත්ම පිළිගන්න සුදානම් වුනේ නෑ. ඉතින් මේ කතා සමාජයට කියලා සමාජයේ වෛරයට ලක් වෙන්නත් වුනා.

ජෙරම් ගැන හෙළිකිරීම් එක්ක සාමාන්‍ය සමාජයට ඔවුන්ගේ වීරයො රූපවාහිනියෙන් මෙහා ලෝකයේ මුනගැහුනා. ඒ මුනගැහීම දරාගන්න අපේ රටේ බහුතරයක් සුදානම් වෙලා හිටියේ නෑ.

ඔවුන්ට අවශ්‍ය වුනේ තමන්ගේ හිතේ ඇඳුනු “වීරයා” මේන්ටේන් කරන්න. ඒ වෙනුවෙන් වීරයාගේ අඩුපාඩු, වැරදි තනුක කරන්න පවා ඔවුන් සුදානම්.

වීරයා සාමාන්‍ය සමාජයට ගෙනල්ලා නිරාවරනය කරද්දි අපි Y රයට පාත්‍ර වුනා.. ඇතැමෙකුගේ Yරය මතින් හරි ජෙරම් ප්‍රනාන්දුලා, චාර්ලි ඔස්ටින්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා කියලා අපිට කියාගන්න පුලුවන් වුනා.

සමාජයට ඒ නිරාවරනය වීම් ඔවුන්ට දැඩිව බලපෑවා. චාර්ලි ඔස්ටින් ශ්‍රී ලංකාව අතහැරලා ගියා. ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර තීරණාත්මක චරිත ජෙරම් ප්‍රනාන්දුට නැටවෙන්න බය වුනා. ඒ නිසා ජෙරම්ගේ බලය තරමක් අඩු වුනා.

ඒ දේවල් ගැන දැන් තියෙන්නේ නිහතමානී සතුටක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button