“දුර්වල පන්දු යවන්නන් නිසා ඉන්දියාවට ලෝක කුසලානය ජය ගන්න බැහැ” අනාවැකියකින් ආකාෂ් චොප්රා ඉන්දියාවම කළඹයි!

ක්‍රිකට් ලොව අධිරාජ්‍ය පවත්වාගෙන යන ඉන්දියාව, මෙවර T20 ලෝක කුසලානය කෙරෙහි ඉමහත් බලාපොරොත්තු රදවා ගෙන සිටිනවා.

එවැනි පසුබිමක එළඹෙන ලෝක කුසලානය ජය ගැනීම ඉන්දියාවට අසීරු කටයුත්තක් බව එරට ප්‍රධාන පෙළේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ආකාෂ් චොප්රා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ ඉන්දීය පන්දු යවන්නන්ගේ කඩා වැටීම එලඹෙන ලෝක කුසලානයෙදී ඉන්දීය කණ්ඩායමේ කඩාවැටීමට විශාල හේතුවක් වනු ඇති බවයි.

ඔහු පවසන්නේ ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දු යැවීම පෙරමෙන් ආක්‍රමණශීලි නැති බවයි.

“යුසි චහාල් දිගටම වේගයෙන් පන්දු යවනවා. ඔබ සෙමින් පන්දු යවන්නේ නැත්නම් ඔබ කඩුලු ලබා ගන්නේ කෙසේද? යථාර්ථය නම් ඉන්දියාවේ පන්දු යැවීමේ බලඇණිය දුර්වල වීම සහ ලෝක කුසලානය දිනා ගැනීමේ බලාපොරොත්තු තරමක් අඩු වීමයි. ඔබ ඉතිරි තරඟ ජයග්‍රහණය කළ යුතු අතර එසේ නොමැතිනම් එහි ප්‍රධාන ක්‍රීඩකයින් සිව්දෙනා නොමැති කණ්ඩායමකට එරෙහිව තරඟාවලිය ඔබට අහිමි වනු ඇත”

මේ වනවිට ලොව හොදම T20 පන්දු යවන්නෙක් වන ජස්ප්‍රිත් බුම්රාගේ ආගමනයත් ප්‍රමාණවත් නොවන බවයි ආකාෂ් චොප්රා ප්‍රකාශ කරන්නේ. ඔහු පවසන්නේ බුම්රාට පමණක් තනිව ඉන්දීය පන්දු බලඇණිය මෙහෙයවිය නොහැකි වනු ඇති බවයි.

“එක් පන්දු යවන්නෙකුට පැමිණ සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් කළ නොහැක. මෙය කණගාටුදායක යථාර්ථය වනවා. මේ වසරේ බුම්රා පමණක් සිටින විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු වූයේ කුමක්ද? ඔවුන් වැඩිය තරඟ දිනන්නට වූයේ නෑ.ඉතින්, ඔබ කඩුලු 5 ක් 6 ක් ගන්නා තරඟයක් හැර එක් පන්දු යවන්නෙකුගෙන් ඔබට විශාල වෙනසක් සිදු නොවනු ඇත.” යනුවෙන් තවදුරටත් අදහස් දක්වන ආකාෂ් කියා සිටියේය.

ආකාෂ් චොප්රාගේ මෙම අනාවැකිය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් රසිකයන් ඔහු දැඩිව විවේචනය කරමින් සිටීමද විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button