ලෝක කුසලාන පුහුණුවීම් උදෙසා සිංහ පැටවුන් නුවරට – විශේෂ අමුත්තෙකුත් එක්වේ!

T20 ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා සංචිතය සිදු කරන පුහුණුවීම් වල දෙවෙනි අදියර අද (25) සිට ඇරඹෙනවා.

ඒ නුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේදීයි. මෙහිදි ශ්‍රි ලංකා සංචිතය සිව්දින නේවාසික පුහුණු කඳවුරක් සදහා සහභාගී වීමට නියමිතය.

මෙම පුහුණු සැසිය සදහා ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධ වීමට නියමිතයි.

මින් පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවෙදි ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් පැවසූ පරිදි ලසිත් මාලිංග සිය පෞද්ගලික හේතුවක් නිසාවෙන් එළැඹෙන ලෝක කුසලාන සංචිතය සමග පුහුණුකරුවෙක් ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේ නැහැ.

එනමුත් ලෝක කුසලානයට පිටත්ව යාමර පෙර මාලිංග ක්‍රීඩකයින් හමු වී ඔවුන් පුහුණු කිරීමට නියමිතයි.

එසේම මේ පුහුණු සැසිය සදහා යොදා ගන්නා පල්‍ලෙකැලේ ක්‍රීඩාංගණයේ කඩුලු ඕස්ට්‍රේලියානු කඩුලු වලට බෙහෙවින් සමාන වන ලෙස සකසා තිබීමත් විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button