“අපරාදේ කලින් රිටයර් වුනේ” ලෙජන්ඩ්ස් පිටියේ ඩිල්ෂාන් යළිත් වැඩ පෙන්වයි!

ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (25) පැවැත්වුනා.

ඒ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතරයි. මෙහි ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ තිලකරත්න ඩිල්ෂාන් විසින්.

දිල්ලි හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමෙන් ලද ඇරයුමට අනුව පිතිකරනයේ යෙදුනු ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 7 ක් බිද වැටී ලකුණු 152 ක් රැස් කළා.

ජයන්ට්ස් කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල තිලකරත්න ඩිල්ෂාන් නොදැ වී ලකුණු 75 ක් ලබා ගත්තේ පන්දු 59 කින්. ඔහුගේ එම ඉනිම හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුලත් වුනා.

කෙවින් ඕබ්‍රයන් ලකුණු 23 ක් ද, ග්‍රැහැම් ස්වාන් ලකුණු 26 ක් ද රැස් කළ අතර, තිසර පෙරේරා ලකුණු 5 කට ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා.

පන්දු යැවීමේදී ප්‍රවීන් තම්බේ හා ඈෂ්ලි නර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් පමණක් බිද වැටි තිබියදීයි.

හැමිල්ටන් මසකඩ්සා පන්දු 34 කින් ලකුණු 50 ක් රැස් කළා. සොලමන් මීරේ ලකුණු 41 යි. නායක ගෞතම් ගම්භීර් ලකුණු 14 කට පිටියෙන් ඉවත්ව ගියා.

පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 26 කට කඩුලු 2ක් ලබා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button