අපහසුවෙන් එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය පැරදවූ බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉහළින් ජය සමරයි!

ආසියානු කුසලානයේදී අන්ත පරාජයක් ලැබූ බංග්ලාදේශය මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග T20 තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටිනවා.

මෙහිදි නව නායකයෙකු යටතේ ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම මින්පෙර ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදි සිය කණ්ඩායම යළිත් ජය මාවතට පිවිසෙන බවයි.

මේ අනුව දෙරට අතර පැවැති පළමු තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පිතිකරණයේ යෙදුනු බංග්ලාදේශය කඩුලු 5 කට ලකුණු 158 ක් රැස් කළා.

අෆිෆ් හොසේන් නොදැ වී ලකුණු 77 ක් රැස් කළේ පන්දු 55 කින්. නායක නුරුල් හසාන් පන්දු 25ක් තුල නොදැ වී ලකුණු 35ක් ලබා ගත්තා.

මුල්පෙළ අසාර්ථක වී පළමු කඩුලු පහ ලකුණු 77ක් තුල බිද වැටීමෙන් පසුව ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54ක් තුල ලකුණු 81(54) ක නොබිදුනු සම්බන්ධතාවයක් ගොඩනැගුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ කඩුලු දහයම බිද වැටී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණී.

චිරාග් සූරි ලකුණු 39 ක් හා අයන් අෆ්සාල් ඛාන් ලකුණු 25 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 21 කට කඩුලු 3 ක් ද, මෙහිදි හසාන් මිරාස් ලකුණු 17 කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

ජයග්‍රහණය සැමරීමේදි නායක නුරුල් හසන් සොහාන් ඔවුන්ගේ ප්‍රසිද්ධ නර්ථනයෙහිද යෙදීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button