තේරීම් කමිටුවට දිගින් දිගටම රතු එලි දල්වන යොවුන් විශිෂ්ඨයා – නිශාන් මධුශ්කගෙන් මෙවර තුන්දින තරඟාවලියේ තවත් වාර්තාවක්.!

මෙරට තුන්දින තරගාවලියේදී රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන නිශාන් මදුෂ්ක ලකුණු දහසේ සීමාව පසු කර යාමට ඊයේ(25) සමත් වුණා.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සමග පැවැත්වෙන තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේ නිශාන් මදුෂ්ක මෙම කඩඉම පසු කර යාමට සමත් වුනා.

තවමත් 23 හැවිරිදි නිශාන් දිගින් දිගටම පළමු පෙළ දස්කම් අතර සිටීම විශේෂත්වයක්.

තරගයේ පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 321 ක් රැස් කළා. පළමු ඉනිමට රාගම කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

යළිත් තරගයට පිවිසුනු රාගම කණ්ඩායම කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම ලකුණු 131 කට සීමා කිරීමට සමත් වුනා.

ලකුණු 361 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින්. රාගම කණ්ඩායම දෙවෙනි ඉනිමේදි කඩුලු දහයම බිද වැටි ලකුණු 291ක් ලබා ගත්තා. මේ අනුව කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම ලකුණු 67කින් තරගය ජය ගත්තා.

රාගම පළමු ඉනිමේදී නිශාන් මදුෂ්ක ලකුණු 30 ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේ දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්.

මදුෂ්ක තරග 6ක දී සිය ලකුණු 1,000 පසු කර යාම විශේෂත්වයක්. ඒ සදහා ඔහු ශතක පහක් සහ අර්ධ ශතක තුනක් ලබා සිටිනවා.

තරග හයක් තුල ලකුණු 1,025 ක් මෙවර තරග වාරයේදී ලබා සිටින නිශාන් මදුෂ්කගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 146.42 ක් ලෙසයි.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 300 මෙවර තරග වාරයේ ඔහුගේ හොදම ඉනිම ලෙස සටහන්ව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button