ලෝක කුසලානයට ඔන්න මෙන්න තියා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දැඩි අර්බුධයක් – මාධ්‍යයෙන් තේරීම් කමිටුවට දැඩි විවේචන!

ලෝක කුසලානය පෙනෙනා දුරක තිබියදී ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අර්බුධයක් ඇතිව තිබෙනවා.

ඒ මෙවර ලෝක කුසලානය උදෙසා නම් කළ සංචිතයේ ගැටලුවක් ඇති බවට එරට මාධ්‍ය විසින් ප්‍රකාශ කිරීමත් සමගයි.

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවන T20 තරග පරාජයත් සමග මෙම කතාබහ ඇතිවුනා. ඒ එම තරගයෙන් ඉන්දියාව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පිතිකරණයේ යෙදුනු ඔස්ට්‍රේලියාව ලකුණු 186 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් වැටි සිටියදීයි.

එහිදි යළිත් සාර්ථක වූ කැමරන් ග්‍රීන් පන්දු 21 කින් වේගවත් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 7ක් සමගින්.

මෙම තරගාවලියේදි සාර්ථක වූ කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට එක් කර නැහැ.

ඒ හේතුවෙන් මෙම අර්බුධය හට ගත්තා. බොහො දෙනෙක් සඳහන් කරන්නේ කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කළ යුතු බවයි.

පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 187 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 4 ක් වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button