චාමිකත් අලෙවි වේ – අබුඩාබි T10 තරගාවලියට තෝරා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මෙන්න!

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය ක්‍රීඩා කරන අබුඩාබි ටී ටෙන් (Abu Dhabi T10) තරගාවලියට අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ (26) රාත්‍රියේ ආරම්භ වුණා.

එහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පළමුව අලෙවි වුනා.

සම්ප් ආර්මි (Samp Army) කණ්ඩායම විසින් ඔහු මිලට ගනු ලැබුවා.

ක්‍රීඩක වෙන්දේසියට පෙරම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම්ගත වීමට කණ්ඩායම් කටයුතු කර තිබුනා.

නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසින් සුපිරි දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගත්, බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණත් තෝරා ගෙන තිබුනා.

චෙන්නායි බ්‍රේව් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයන් වන භානුක රාජපක්ෂ, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ යන තිදෙනාම සිය කණ්ඩායමට තෝරා ගෙන තිබුනා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා ගැණුනු දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.

නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසින් ඔහු මිලදී ගත්තා.

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button