“වයස 43යි – තාමත් එහෙමමයි” පරන මතක අලුත් කරමින් ලෙජන්ඩ්ස් පිටියේ දිල්හාර වැඩ පෙන්වයි!

ශ්‍රී ලංකාව බිහි කළ වේගවත්ම පන්දු යවන්නෙක් වන දිල්හාර ප්‍රනාන්දු මේ දිනවල ඉන්දීය ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටිනවා.

මනීපාල් ටයිගර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන දිල්හාර ඊයේ (26) සුපිරි පන්දු යැවීමක නිරත වුනා.

ඒ කටක් හී දී භිල්වාර කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.

තරගය ජය ගැනීම සදහා භිල්වාර කිංග්ස් කණ්ඩායමට ලකුණු 176 ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් බිද වැටී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 9 ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යොමු කළේ දිල්හාර ප්‍රනාන්දු විසින්.

ඔහු එම පන්දුවාරයේදී සිය සුපුරුදු දස්කම් මැනවින් පෙන්වූ දිල්හාර කඩුලු දෙකක්ද ලබා ගනිමින් පන්දුවාරයට ලකුණු 5ක් සීමා කරමින් සිය කණ්ඩායමට ජය ගෙන ආවා.

දිල්හාර ප්‍රනාන්දු මෙම තරගයේදී සිය පන්දුවාර හතරට ලකුණු 31 කට දවා ගත් කඩුලු ගණන 4 ක්. මුත්තයියා මුරලිදරන් ලකුණු 31 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

දිල්හාර 150 සීමාව පසු කළ මෙරටින් බිහි වූ වේගවත්ම වේග පන්දු යවන්නෙක් වූ අතර මේ වනවිට 43 හැවිරිදි දිල්හාර තවමත් 130 සීමාවේ පන්දු යැවීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button