බංග්ලාදේශයට එරෙහිව තරගයේ සනත් ජයසූරියගේ සුපිරි පිතිකරණය! (VIDEO)

Road Safety World Series ක්‍රිකට් තරගාලියේ ශ්‍රී ලංජා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ හිටපු ක්‍රීඩකයන් අතර තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පහසුවෙන් ජය ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා.

එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 213ක් ලබා ගත්තා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ජයසූරියට මෙවර තරගාවලියේ දී පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් උදා වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම ඉනිමේ දී සනත් ජයසූරිය පන්දු 25 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 36 ක්. එම ඉනිමට හයේ 1ක් හා හතරේ 5 ක් ඇතුළත්.

53 හැවිරිදි ඔහු මෙම තරගයේ දී එල්ල කළ පහරවල් මෙරට පමණක් නොව ලොව පුරා සියලු ප්‍රේක්ෂකයින්ට යළි අතීතය සිහිපත් කරවීමට සමත් වුණා.

ජයසූරියගේ එම ඉනිම පහතින්,

 

පීලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ හිටපු ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button