කෝලී, බාබර්, බට්ලර් වැනි දැවැන්තයන් සමග මෙල්බර්න් සුවිසල් ප්‍රවර්දන පුවරුවට ගිය යොවුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා!

ඔක්තෝම්බර් 16 වෙනිදා ඕස්ට්‍රේලියාවේදි ඇරඹීමට නියමිත T20 ලෝක කුසලානය උදෙසා සිදු කෙරෙන ප්‍රවර්ධන කටයුතු මේ වනවිට ඇරඹී තිබෙනවා.

ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ප්‍රධාන නගරයක් වන් මෙල්බර්න් නගරයේ ලෝක කුසලානය වෙනුවෙන් විශාල ප්‍රදර්ශන පුවරුවක් ඉදිකර තිබේ.

එම ප්‍රදර්ශන පුවරුවට ඇතුලත් කර ඇත්තේ එළඹෙන ලෝක කුසලානයේදී වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගනු ඇතැයි බලාපොරොත්තු වන රටවල් 6 ක් නියෝජනය කරන ක්‍රීඩකයන් 6 දෙනෙකුගේ ඡායාරූපයි.

ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව එම රටවල් හයයි.

දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් හෝ බංග්ලාදේශය මෙම පුවරුවට ඇතුලත්ව නැහැ.

එම ප්‍රදර්ශන පුවරුවට ඇතුලත් කර ඇති ක්‍රීඩකයන් වන්නේ විරාට් කොලි, පැට් කමින්ස්, ට්‍රෙන්ට් බෝල්ට්, ජොස් බට්ලර්, බාබර් අසාම් යන ප්‍රබල ක්‍රීඩකයන්ගේ ඡායාරූප වන අතර යොවුන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චරිත් අසලංකගේ රුවද මෙම ප්‍රදර්ශන පුවරුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

චරිත් අසලංක යනු මේවනවිට ජාත්‍යන්තර විචාරකයන්ගේ සහ විදෙස් ක්‍රීඩකයන්ගේ වැඩිම අවදානය දිනා ගත් ශ්‍රී ලාංකික පිතිකරුවායි.

ඔහුගේ ඉහළ තාක්ෂණය සහ අතිශය දක්ෂ කල් මැනීම හේතුවෙන් විදෙස් රටවල නායකයන් ඔහු බොහෝ සේ අධ්‍යනය කළ ඔහු දුර්වල පන්දුවක් සොයා ගැනීම අසීරූ වූ බවත් විචාරකයන් ප්‍රකශ කළා.

මෙන්ම ඔහු මානසික ස්ථාවරත්වයෙන් අතිශය ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රිකට් දැනුමද විශිෂ්ඨ බවයි ඔහු සමග ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පවසන්නේ.

පසුගිය T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා බවට පත් වුණේ අසලංකයි.

චරිත්ගේ පිත්ත මෙවර යළි සුපුරුදු රිද්මය සොයා ගනු ඇති බවට බොහෝ කණ්ඩායම් චකිතයකින් පසු වන බවත් රහසක් නොවේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button