ශ්‍රී ලංකාවත් ක්‍රීඩා කරන ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ විස්තර!

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අපරාජිතව තේරී පත් වුනා.

මෙහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තේ සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් ත්‍රීත්වයයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ කාල සටහන සංවිධායකයන් විසින් නිවේදනය කර තිබෙන අතර එම තරග අද (28) සහ හෙට (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙසින් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරවන තරගය අද පැවැත්වෙනවා.

රායිපූර් හීදී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට පමණ තරගය ආරම්භ වෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන අවසන් පූර්ව තරගය හෙට රාත්‍රී 7.30ට රායිපූර් හී දී ම ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් පළමු වැනිදා රායිපූර් හී දී යි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button