ආසියාව ජය ගන්න චමරී ප්‍රමුඛ අපේ කෙල්ලන් බංග්ලාදේශයට පිටත්ව ගිය හැටි!

එළඹෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර T20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(28) දිවයිනෙන් පිටත්ව ගියා.

පිරිමි ආසියානු කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය බංග්ලාදේශයේ සිල්හෙට් හීදී ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනවා.

හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා ආදී ප්‍රබල ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා සංචිතය ඇතුලත්.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් පළමු වැනිදා ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව තිබේ.

කාන්තා ආසියානු කුසලාන තරගාවලියට රටවල් 7 ක් ක්‍රීඩා කරන අතර, පළමු වරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමත් එක්ව තිබේ.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වැනිදායි.

ශ්‍රී ලංකා සංචිතය : චමරී අතපත්තු, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනූෂා සංජීවනි, කෞෂිනි නුත්‍යංගා, ඕෂධි රණසිංහ, මල්ෂා ශෙහානි, මදුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රෂ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button