නවතම ICC ග්‍රේණිගත කිරීම් එළියට – ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තවත් ඉදිරියට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින්සිය නවතම T20 ක්‍රීඩක ශ්‍රෙණිගත කිරීම් මීට ස්වල්ප මොහොතකට පෙර නිවේදනය කළා.

එහි පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානය සුපුරුදු පරිදි පාකිස්තානයේ මොහමඩ් රිස්වාන්ට හිමිව තිබෙනවා.

ඔහු ලබා ගෙන තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 861ක් වනවා.

පසුගිය සමයේ දස්කම් දැක්වූ ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 801 ක්.

බාබර් අසාම් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දිනා සිටින්නේ ප්‍රසාද ලකුණූ 799ක් ලබා ගෙනයි.

යොවුන් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

මේ අතර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්‍ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිදු හසරංග සමත්ව තිබේ.

ඒ ඇඩම් සම්පා 6 වැනි ස්ථානය දක්වා ඇද දමමින්.

මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතර තවදුරටත් රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී හිමි කර ගෙන තිබෙනවා. ඒ බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් දෙවන ස්ථානය දක්වා ඇද දමමින්.

වනිදු හසරංග එහි සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button