ලෙජන්ඩ්ස් තරගාවලියේ තවත් අසාධාරණයක් – ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව තරග ජයග්‍රාහකයා කාසියේ වාසියෙන් තෝරන්න යයි!

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ලෙජන්ඩ්ස් තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙනවා. දැන් පැවැත්වෙන්නේ තරතාවලියේ අවසන් පූර්ව වටයයි.

තරගයේ ප්‍රථම අවසන් පූර්ව තරගය යෙදී තිබුනේ ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් අතරයි. කෙසේ වෙතත් තරගය වර්ෂාවෙන් බාධා වීම නිසා අත්හැර දැමුනා.

එම තරගය අද (29) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

මෙම තරගය රායිපූර්හී දී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

පන්දුවාර 17 ක් නිමා වීමෙන් පසුව වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ බැවින්, අද පස්වරු 3.30 සිට තරගය නතර කළ අවස්ථාවේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය හෙට(30) දිනය දක්වා කල් දමා තිබෙනවා.

තරගය හෙට රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිත බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කරනවා.

කෙසේ වෙතත්, අවසන් මහා තරගය පෙර සැලසුම් කළ පරිදිම එළඹෙන පළමු වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් පූර්ව තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුවහොත් කාසියේ වාසිය මත තරගයේ ජයග්‍රාහකයා තෝරා ගන්නා බව සංවිධායකයින් පවසනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්වරුන්ගේ තරගය හෙට දිනය දක්වා කල් දමා ඇත්තේ ඉන්දීය කණ්ඩායම සමග තරගයට අද දිනයම වෙන් කිරීමේ අරමුණ සහිතවයි.

දෙවැනි අවසන් පූර්ව තරගය සදහා සංවිධායකයන් විසින් අතිරේක දිනයක් වෙන් කර නැහැ. ඊට පසුදිනෙම අවසන් මහා තරගය පැවැත්වීම දෙවන අවසන් පූර්ව තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකට දැඩි අසාධාරනයක් වී තිබේ.

අවසන් මහා තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුවහොත් අවසන් තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තරගාවලි සංවිධායකයන් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසාම මෙම තරගාවලිය සංවිධානය කර තිබීම එයට හේතුවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button