සුපිරි දෝලනයක් සමගින් ඉන්දියාව ලකුණු 9ට දකුණු අප්‍රිකා කඩුලු පහක් බිඳ දැමූ හැටි! (VIDEO)

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම T20 තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සුපිරි පන්දු යැවීමකින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඉන්දීය වේග පන්දු යවන්නන් සමත් වුණා.

දකුණු අප්‍රිකා ඉනිමේ මුල් පෙල කඩුලු පහම ලකුණු සංඛ්‍යාව 9 ක් ලෙස සටහන්ව තිබියදී බිද වැටුනා.

කේෂාව් මහරාජ්ගේ ලකුණු 41න් සහ ඒඩ්න් මාක්‍රම්ගේ ලකුණු 25න් සවිමත් වු ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු අටකට ලකුණු 106ක් ලබා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 17.4ක් අවසානයේ 2 ක් පමණක් බිඳ වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිට් ෂර්මා ලකුණු නොලබාත්, විරාට් කෝලි ලකුණු 3කටත් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියා.

කේ.එල් රාහුල් හා සූර්යකුමාර් යාදව් තෙවැනි කඩුල්ල සදහා පන්දු 63කින් ලකුණු 93 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආවා.

ලකුණු 9ක් තුල දකුණු අප්‍රිකාවේ කඩුලු 5ක් බිඳ වැටුනු අයුරු පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button