2016න් පසුව බිග්බෑෂ් ලීගයට ශ්‍රී ලංකා නියෝජනයක් – අප්‍රසිද්ධ සුපිරි ශ්‍රී ලාංකික පන්දු යවන්නා පදක්කම් දමා ඕස්ට්‍රේලියාවෙන් උස්සයි!

බිග්බෑෂ් ලීගය යනු ක්‍රිකට් ලොවේ ප්‍රමුඛතම ලීග් තරගාවලියක්.

මෙම තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදි අතිශය සැලකිලිමත් වන අතර, ඔවුන් බොහෝ විට අති දක්ෂ ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නවා.

බිග්බෑෂ් ලීගයට අවසන් වරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ක්‍රීඩා කළේ 2016 වසරේදි වන අතර ඒ තිසර පෙරේරා. ඉන්පසුව කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බිග් බෑෂ් වරම් හිමි වූයේ නැහැ.

එයට ප්‍රධාන හේතුව ඕස්ට්‍රේලියානු තනතීරූ වල පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලියට, ඕස්ට්‍රේලියානු තනතීරු වල දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අවශ්‍ය වීමයි.

වසර හයකට පසු බිග්බෑෂ් ලීගයට ශ්‍රී ලාංකිකයෙක් බිග් බෑෂ් ලීගයට තෝරාගෙන තිබෙනවා.

ඒ සුපිරි පාද දග පන්දු යවන රුවන්ත කැල්ලේපොතයි. Melbourne Renegades කණ්ඩායම විසින් ඔහුව මිලට ගෙන තිබෙනවා.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ රුවන්ත කැල්ලේපොත පා දග පන්දු යවන්නෙක්.

ඔහුට ඕස්ට්‍රේලියාවෙන් ලද ආරාධනයක් හේතුවෙන් එරට වික්ටෝරියා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනවා.

ඕස්ට්‍රේලියානු තනතීරු වල මැනවින් දස්කම් දක්වන රුවන්ත කැල්ලේපොත එම තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙනවා.

එමෙන්ම එම ලීගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි වන පදක්කම දිනා ගත්තේත් රුවන්ත කැල්ලේපොතයි.

ඔහු ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝර්නර්, ග්ලේන් මැක්ස්වෙල්, ඩාර්සි ශෝර්ට්, ජොශ් ෆිලිප්, ඈෂ්ටන් ටර්නර්ගේ කඩුලු දවා ගෙන තිබෙනවා.

මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේත් ඕස්ට්‍රේලියානු තනතීරූ වලයි. ඔහු ඕස්ට්‍රේලියාවේම රඳවා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය උත්සාහ කරන බවට සැකයක් නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button