“මට ඡන්ද දිනන්න නම් පොළොන්නරුවෙන් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට දාන්නම වෙනවා” රොෂාන් රණසිංහගෙන් ක්‍රිකට් ආයතනයට අණක්!

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ දිනවල විශේෂ මෙහෙයුමක නිරත වෙනවා.

ඒ සිය මැතිවරණ දිස්ත්‍රීක්කය වන පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට ඇතුලු කිරීමටයි.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ ඊළග මැතිවරණය ජය ගැනීමට ක්‍රිකට් කණ්ඩායමට පොළොන්නරුවෙන් ක්‍රීඩකයෙක් ඇතුලත් කළ යුතුම බවත්, ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත්ය.

මේ අනුව ක්‍රිකට් ආයතනය පොළොන්නරුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කරන වැඩ සටහනක් ආරම්භ කළා. එය පසුගිය 18 වැනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙන් ඇරඹුනා.

මෙහි මුල්ම පියවර යටතේ පොළොන්නරුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185ක් තෝරා ගෙන තිබේ.

ඔවුන්ගෙන් එක් අයෙකුට තමන් ක්‍රීඩා අමාත්‍යධූරය දරන කාල සීමාව තුල එක් තරගයකට හෝ ජාතික කණ්ඩායමේ වරම් දිනා දෙන ලෙසටයි ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button