දැවැන්ත මුදලකට කමිදු මෙන්ඩිස් BPL තරගාවලියට මිලට ගනියි!

ශ්‍රී ලාංකා යොවුන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී පී එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා මිලට ගෙන තිබෙන බව වාර්තා වේ.

සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින් මෙලෙසට කමිඳු මිලට ගෙන තිබේ.

ඒ ඇමරිකානු ඩොලර් 30,000ක මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක පමණ අගයක් වනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිසිවි 23 හැවිරිදි කමිදු මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 7 ක් හා T20 තරග 5 ක් ක්‍රීඩා කර තිබෙනවා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි අදියර ලබන වසරේ ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් තරග කිරීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button