ජස්ප්‍රිත් බුම්රාට T20 ලෝක කුසලානය අහිමි වෙන ලකුණු!

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ජස්ප්‍රිත් බුම්රා ආබාධයකින් සුව වී කලක් විවේක ගෙන නැවත පිටියට පිවිසි විගස මෙම ආබාධය පැමිණීම විශේෂත්වයක්. එම ආබාධය හේතුවෙන් ඔහුට නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියත් අහිමි වූවා.

පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව T20 තරගාවලියට සහා දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන T20 තරගාවලිය සදහා නම් කළා.

ආබාධය සුව වීමෙන් පසු බුම්රා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි හා තෙවැනි T20 තරග සදහා ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, පිට කොන්ද ආශ්‍රිත වේදනාවක් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු T20 තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

පසුව ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා බැංගලූරු වෙත පිටත්ව ගොස් ඇති අතර, එම වෛද්‍ය වාර්තා අනුව ඔහු විවේක ගන්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ආබාධය හේතුවෙන් බුම්රාට මාස 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවයි.

මින්පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද මෙවර T20 ලෝක කුසලානය අහිමි වුනා. බුම්රාගේ අහිමි වීම ඉන්දීය කණ්ඩායමට දැඩි පාඩුවක් වන බවට සැකයක් නැහැ.

බොහෝ විට මොහොමඩ් ශාමි බුම්රා වෙනුවට ඉන්දීය සංචිතයට එක්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button