අයුක්තිය අසාධාරණය මැද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද තරග බිමට!

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද(30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත මෙම තරගය අද රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය ඊයේ (29) පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය අද දින දක්වා කල් දැමීමට තරගාවලියේ සංවිධායකයින් මින්පෙර තීරණය කළා.

පළමු අවසන් පූර්ව තරගයෙන් ජය ගත් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා. තරගයේ අවසන් මහා තරගය හෙට (1) පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් කාලගුණ අනාවැකිය අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩ වැඩියි.

අවසන් පූර්ව තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුවහොත් කාසියේ වාසිය මත තරගයේ ජයග්‍රාහකයා තෝරා ගන්නා බව සංවිධායකයින් මින්පෙර නිවේදනය කළා.

අවසන් මහා තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුවහොත් අවසන් තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button