බුම්රා වෙනුවට ඉන්දියාව නම් කළ ආදේශකය මෙන්න!

ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත් කළ ජස්ප්‍රිත් බුම්රා වෙනුවට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා මොහමඩ් සිරාජ් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

බුම්රා මේ වන විට පිට කොන්දේ ආබාධයකට ගොදුරුව සිටින අතර, ඔහු ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවෙනවා.

මෙම ආබාධය හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රාට ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් අහිමි වී තිබේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කර නැහැ.

බොහෝ විට බුම්රා වෙනුවට මොහොමඩ් ශාමි ආදේශ කරන බවට ඉන්දීය මාධ්‍ය මින්පෙර ප්‍රකාශ කළත් ලෝක කුසලානයටත් මොහොමඩ් ශිරාජ් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව කියවෙනවා.

පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button