මුරලි, දිල්හාර ලෙජන්ඩ්ස් ලීගයේ යළිත් වැඩ පෙන්වයි!

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ක්‍රීඩා කරන ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.

එහිදි තරගාවලියේ 10 වැනි තරගයෙන් මුරලිදරන් සහ ඩිල්හාර ප්‍රනාන්දු ක්‍රීඩා කරන මනිපාල් ටයිගර්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ජය ගැනීම සදහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 3 ක් බිද වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

හැමිල්ටන් මසකඩ්සා නොදැවී ලකුණු 68 ක් පන්දු 39 කින් ලබා ගත්තා. රෝස් ටේලර් ලකුණු 29 ක් රැස් කළ අතර, සොලමන් මීරේ ලකුණු 28 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුත්තයියා මුරලිදරන් පන්දුවාර 4 තුළ ලකුණු 15 කට එක් කඩුල්ලක් ලබා ගත්තා. දිල්හාර ප්‍රනාන්දු පන්දුවාර 2ක් යොමු කර ලකුණු 19කට කඩුල්ලක් බිද හෙලුවා.

ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදුනු මනිපාල් ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 161 ක් රැස් කළේ කඩුලු 5 ක් වැටී සිටියදීයි.

ජෙසී රයිඩර් පන්දු 56 කින් ලකුණු 79 ක් රැස් කළ අතර, මොහමඩ් කයිෆ් පන්දු 48 කින් ලකුණු 67 ක් ලබා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button