අයුක්තීන් අසාධාරණකම් මැද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්වරු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ හැටි! (VIDEO)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අඛන්ඩව දෙවැනි වරටත් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

ඒ, රායිපූර් හීදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තා. ඒ අනුව පිතිකරණයේ යෙදුනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9කට ලකුණු 172 ක් ලබා ගනිමින්.

ඉෂාන් ජයරත්න ලකුණු 31ක් හා සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළා. ජීවන් මෙන්ඩිස් ලකුණු 25 යි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් බිඳ වැටී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

නායක බ්‍රයන් ලාරා ලකුණු 17 කට පිටියෙන් ඉවත් වූ ගිය අතර, ඩ්වේයන් ස්මිත් ලකුණු 23ක් රැස් කළා. ස්මිත් හා කර්ක් එඩ්වඩ්ස්ගේ කඩුලු පිට පිට පන්දු දෙකකදී ලබා ගැනීමට සනත් ජයසූරිය සමත් වුණා.

නුවන් කුලසේකර ලකුණු 26 කට කඩුලු දෙකක් බිඳ හෙලුවා.

තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද (1) රායිපූර් හී දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පුරා සංවිධායකයන්ගේ නොයෙකුත් අයුක්තීන් විඳ දරා ගැනිමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සිදු වූ අතර ඔවුන් කාලසටහන් වෙනස් කිරීම හේතුවෙන් අවසන් පූර්ව තරගයෙන් පසු දිනම විවේකයක් නොමැතිව අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.

සනත් ජයසූරියගේ සුපිරි පන්දු යැවීම පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button