“දිගම හය, හොදම පන්දු රකින්නාත් තෝරයි” – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරග වල සිදු වූ දේ මෙන්න!

ලෝක කුසලානය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසි දෙකකට සහභාගී වුනා.

ඒ කොළඹදීත්, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීත්ය.

මෙහිදි විවිධ අංශ කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම අවදානය යොමු කර තිබුනා.

පිතිකරණ අංශයෙන් අවසන් පන්දුවාර වල ලකුණු ලබා ගැනීමට ස්විච්, රිවර්ස් ස්වීප්, ස්කූප් මෙන්ම පන්දු යවන්නනට විශේෂ පුහුණු වැඩසටහන් සංවිධානය කර තිබුනා.

ඒ අතර යෝකර් පන්දු, වේගය අඩාල කළ පන්දු ආදිය පිළිබඳ ලසිත් මාලිංග යටතේ විශේෂ පුහුණු සැසි පැවැත්වුනා.

මෙහිදි සංචිතයේ ක්‍රීඩකයන් කණ්ඩායම් වලට බෙදා පුහුණු තරග පවත්වා ඇති අතර එහිදි වැඩිම ලකුණු ලාභියා වී ඇත්තේ චරිත් අසලංකයි.

ඔහු එක් තරගයක පන්දු 24කින් ලකුණු 68ක් රැස් කර තිබෙනවා.

විදුලි ආලෝක ධාරා යටතේ විශේෂ පන්දු රැකීමේ සැසියක් පවත්වා තිබෙන අතර, අශේන් බණ්ඩාර එහිදි හොදම පන්දු යවන්නා ලෙස නම් වී තිබේ.

තනි කඩුල්ලට පන්දු යැවීම සඳහා වේග පන්දු යවන්නන් අතර පැවැත්වූ තරගයෙන් දුෂ්මන්ත චමීරත්, දිගම හය සදහා පිතිකරුවන් අතර පැවැත්වූ තරගයෙන් චරිත් අසලංකත් ජයග්‍රහණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button