ලෝක කුසලානයේ ගැම්ම භාතිය, සංතුෂ් අහිමි කරයි – රසිකයන් කණගාටුවෙන්!

මෙවර ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල තේමා ගීතය ඊයේ (30) එළිදැක්වූවා.

සුපුරුදු පරිදි මෙවරත් ලෝක කුසලානයේ තේමා ගීතය භාතිය – සංතුෂ් සමූහ ව්‍යාපාරය (B&S Private Limited) විසින් සාදා තිබෙනවා.

එය “ගැම්මක් තමයි” යනුවෙන් නම් කර තිබෙනවා.

මෙම ගීතය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ මූස් ආයතනයෙන් මුදල් වැය කර අනුග්‍රාහකත්වය දක්වා තිබුනා.

කෙසේ වෙතත් ඒ සදහා රසිකයන්ගෙන් එතරම් සුභදායක ප්‍රතිචාර ලැබී තිබුනේ නැහැ.

සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ රසිකයන් ප්‍රකාශ කර තිබුනේ මෙවර නිල තේමා ගීතය දුර්වල එකක් බවයි.

ඔවුන් සමාජජාලා ඔස්සේ ප්‍රශ්න කර තිබුනේ මෙරට තේමා ගීතයක් සෑදීමේ එකම අයිතිය ඇත්තේ භාතිය සහ සංතුෂ්ට පමණක්ද බවයි.

කලක පටන් මෙරට රජය සහ ක්‍රීඩා ක්ෂේත්‍රයන්ගේ ඕනෑම අවස්තාවක තේමා ගීත නිර්මාණය භාති – සංතූෂ් සමූහ ව්‍යාපාරය විසින් සිදු කරන අතර ඔවුන් ඒ සඳහා ඉහළ මුදලක් අය කරනවා.

මෙම තේමා ගීතය සම්බන්ධයෙන් පලවූ අදහස් කිහිපයක් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button