“ලොව ප්‍රථම වතාවට දහදිය පාලනයට විශේෂ තාක්ෂණයක්” ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ජර්සිය පසුපස සැගවුනු තාක්ෂණය!

T20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (30) කටුනායක ආයෝජන කලාපයේදි සිදු කෙරුනා.

මෙම නිල ජර්සිය කටුනායක ආයෝජන කලාපයේ අපේම සහෝදර සහෝදරියන් අතින් නිමවීම විශේෂත්වයක්. MAS Asia Line ඇගලුම් ආයතනය විසින් මෙම නිල ජර්සිය සකස් කරනවා.

මෙම නිල ජර්සිය පසුපස බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් තිබෙනවා.

එනම් ලෝක කුසලානයේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වැඩි වාසි අත්කර දෙන ලෙසට විශේෂ තාක්ෂණයකින්, දත්ත වාර්තා සලකා බලා මෙම නිල ජර්සිය සකස් කර තිබීමයි.

මෙම ජර්සිය සකස් කිරීමට ප්‍රථමයෙන්ම තරගාවලිය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගන වල දේශගුණ දත්ත සළකා බලා තිබෙනවා.

ඉන්පසුව ක්‍රීඩකයන්ගේ දහදිය දෑමේ රටාව අධ්‍යනය කර, ඒ සදහා ගැලපෙන ලෙසට ක්‍රිඩකයන්ට අපහසුවක් නොදැනෙන රෙදි වර්ගයක් මෙම ජර්සිය සඳහාම යොදා ගෙන තිබෙනවා.

මෙම තාක්ෂණය හේතුවෙන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අමතර වාසියක් සිදු වන බවටයි මාස් ඒෂියා ලයින් ආයතනය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button