ලෝක කුසලානය වෙනුවෙන් පිටත් ව යන්න ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම්!

එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (2) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩකයන්ට එරට දේශගුණ සහ ක්‍රීඩා තත්ත්ව හුරු විම සඳහා මෙලෙසට කල් වේලා ඇතිව පිටත්වෙන බවයි.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගයද එදිනම පැවැත්වීමට නියමිතව ඇත්තේ නැමීබියාවට එරෙහිවයි.

ඉන්පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 10 වැනිදාත්, අයර්ලන්තයට එරෙහිව ඔක්තෝබර් 13 වැනිදාත් පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මනා සුදානමකින් යුතුව ඕස්ට්‍රේලියාව කරා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය 25 වැනිදා සිට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගයේදී පුහුණු කදවුරකට ද එක්ව සිටියා.

මෙම පුහුණු කදවුරේදී සුපිරි පන්දුවාරයකදී ක්‍රීඩකයින් මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද ක්‍රීඩකයින්ට විශේෂ පුහුණුවක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button