හරසර මැද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි! (PHOTOS)

එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (2) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙක්ද තේරීම් කමිටුව විසින් නම් කළා.

මෙම අතිරේක ක්‍රිඩකයන් අතරින් අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රමත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයත් එදින ක්‍රීඩා කරනවා. ඒ නැම්බියාවට එරෙහිවයි.

ඉන්පසුව ඔවුන් ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් පිටියට පිවිසෙනවා.

ඊට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 10 වැනිදාත්, දෙවන පුහුණු තරගය ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහිවත් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය හැටි පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button