“ක්‍රීඩාවෙන් සමුගත්තු ක්‍රීඩකයො විවේකයක් නැතුව පිට පිට තරග දෙකක් ක්‍රීඩා කරන්නේ කොහොමද ?” ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට වුනේ අසාධාරණයක්!

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා.

ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

මෙහිදි ලකුණු 33 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ශූරතාවලිය දිනා ගත්තා.

කෙසේ වෙතත් මෙම තරගාවලිය පුරා සංවිධායකයන් විසින් ඉතාම අයුක්ති සහගත ලෙස කටයුතු කිරීම තුලින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට දැවැන්ත අසාධාරණයකට ලක්වූ බව ක්‍රීඩා විචාරකයන් සඳහන් කරනවා.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගයේ සුදුසුකම් ලබා ගැනීමට පමණක් සංවිධායකයන් තරගයේ අවසන් පූර්ව වටය වෙනස් කිරීමට කටයුතු කළා.

එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව වටය දිනක් ප්‍රමාද වුනා. අවසන් පූර්ව තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු විවේකයක් නොමැතිවම ඊළග දිනයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සිදුවුනා.

ශාරීරීක යෝග්‍යතා මට්ටම වෘත්තීය මට්ට්මට නඩත්තු කරන වෘත්තීය ක්‍රීඩකයන්ටත් පිට පිට තරග දෙකක් ක්‍රීඩා කිරීම අතිශය අපහසුයි.

ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙක් අතිශය ක්‍රියාශීලි වන අතර ඔවුන්ට තරග දෙකක් අතර විවේක කාලයක් අවශ්‍යයමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කළේ කිසිදු විවේකයක් නොමැතිවයි.

එය මෙම තරගයේ ප්‍රතිඵලයට දැඩිව බලපෑ බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button