ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම UAE පරදමින් නොසිතු ජයක් ලැබූ හැටි!

කාන්තා ආසියානු කුසලානයේ අපේ කෙල්ලෝ සහභාගි වෙන දෙවෙනි තරගය අද පැවැත්වුනා.

ඒ එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය කණ්ඩායම එක්ක,

මේක චමරිගේ සියවෙනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය.

කොහොම නමුත් හිතපු විදිහට චමරිට අද පිත්තෙන් සාර්ථක වෙන්න බැරි වෙනවා. ඒ නිසාම අපේ බලාපොරොත්තු නැති වෙනවා.

ඔන්න ඒ අස්සේ කවුදෝ කෙල්ලෙක් හිමින් හිමින් ලකුණ ලකුණ එකතු කරලා ගේමක් දෙන්න බලනවා. ඒ තමයි හර්ෂිතා මාධවී. හර්ෂිතා ලකුණු 37ක් රැස් කරනවා. අවසානයේ අපේ කෙල්ලෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 109ක් රැස් කරනවා.

” අයියෝ… මේක UAE දිනයි ” එහෙම හිතුවට එහෙම වුනේ නැ. මොකද අපේ පන්දු යැවීම ප්‍රභලයි.

අපේ ගැටලුව තියෙන්නේ පිතිකරණයේ සහ පන්දු රැකීමේ. හුගාක්ම පිතිකරණයේ. පන්දු යැවීම අතින් වර්ල්ඩ් ක්ලාස් ප්ලෙයර්ස්ලා නැති වුනාට එන්න අපේ සහෝදරියෝ ටික කොහොම හරි ගේමක් දෙනවා.

මැච් එකට වහිනවා. අවසානයේ UAE ක්‍රීඩිකාවන්ට පන්දුවාර 11කදි ලකුණු 66ක අභියෝගයක් ලැබෙනවා. ඔව්.. මේක අභියෝගයක් තමයි. අපේ පන්දු යවන්නියන් එක්ක මේක දිනන එක ලේසි නැ..

ඒක අද නැවතත් ඔප්පු වුනා. පන්දුවාර 11 අවසානයේ UAE ක්‍රීඩිකාවන් රැස් කරේ ලකුණු 54ක් විතරයි. ඒ අතරේ අපේ අය කඩුලු 7ක් බිද දමනවා.

කවීෂා ලකුණු 7කට කඩුලු දෙකක් බිද දමනවා. අපිට ඉන්න විශ්වාසනීයම දඟ පන්දු යවන්නිය ඉනෝකා රණවීර එයාගේ පන්දුවාර 3ට ලකුණු 7ක් පමණක් දීලා කඩුලු තුනක් ගන්නවා.

අවසානයේ ලකුණු 11ක ජයක් වාර්තා කරමින් මෙවර කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ අපේ කෙල්ලෝ ලබපු පලමු ජය වාර්තා කරන්න සමත් වෙනවා.

කොල්ලෝ පටන් ගත්ත විදිහටම කෙල්ලොත් ඔන්න ජයග්‍රාහී මංතීරුවට ප්‍රවිශ්ඨ වුනා. ලේසි නැ.. අමාරුයි කියලත් නවතින්න බැ. වැරදි තියෙයි. තරගයෙන් තරගය අඩුපාඩු හදාගෙන අපි අපිට පුළුවන් දුරක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button