“අවසන් පන්දුවේ කණ්ඩායමට ජය ගෙනෙයි” – ලෙජන්ඩ්ස් ලීගයේ වැඩ පෙන්වන කළුවිතාරන!

ලිට්ල් කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රොමෙෂ් කළුවිතාරන මෙරට ක්‍රිකට් ලෝලීන්ට සුවිශේෂී මතක රැසක් දයාද කළ ක්‍රීඩකයෙක්.

ඔහු මේ දිනවල ලෙජන්ඩ්ස් ලීගයේ මනිපාල් ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

එහිදී ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගය ජයග්‍රහණය කරවීමට කළුවිතාරන සමත් වුනා.

මෙහිදි ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදුනු කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 2 ක් බිඳ වැටී ලකුණු 183 ක් ලබා ගනිමින්.

හැමිල්ටන් මසකඩ්සා පන්දු 35 කින් ලකුණු 60 ක් රැස් කළා. දෙනේෂ් රම්දින් පන්දු 51 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්. රෝස් ටේලර් නොදැවී ලකුණු 51(31) යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිගර්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් වැටී තිබියදීයි.

ඉනිමේ අවසන් පන්දුවට තරගය ජය ගැනීමට ලකුණු 2ක් ලබා ගත යුතු වූ අතර, එම පන්දුවට කලුවිතාරන හතරේ පහරක් එල්ල කරමින් ටයිගර්ස් කණ්ඩායම ජයග්‍රහනය වෙත රැගෙන ගියා. (දර්ශන පහතින්)

එම අවස්තාව පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button