ඉන්දීය පන්දු යවන්නන් වැනසූ මිලර්ගේ සුපිරි ඉනිම! (VIDEO)

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් T20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 16ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

කෙසේ වෙතත් මෙහිදි රසික අවදානය දිනා ගත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් වීම විශේෂත්වයක්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 238 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැබිඳ වැටී ලකුණු 221 ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 48 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළ අතර, සුපිරි ශතකයක් වාර්තා කළ ඩේවිඩ් මිලර් පන්දු 47 කින් නොදැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා පන්දු 84 කින් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 174ක්.

මිලර්ගේ සුපිරි ඉනිම පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button