“ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් හා ලෝක මට්ටමේ පන්දු යවන්නන් අපිට ඉන්නවා.”- ක්‍රිස් සිල්වර්වූඩ්

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ශක්තිමත්ම කණ්ඩායමක් බව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් පවසනවා.

මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කරන්නේ මෙවර ලෝක කුසලානයේදී වෙනසක් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රිස් සිල්වර්වූඩ්,

“ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් හා ලෝක මට්ටමේ පන්දු යවන්නන් අපිට ඉන්නවා. ඒ වගේම හොඳ තත්ත්වයක සිටින පන්දු රකින්නන් අප සතුයි. ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඕනෑම ඉහළ පෙළේ කණ්ඩායමකට අභියෝග කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අපි පල්ලෙකැලේ දී හොඳ පුහුණු සැසියක් පැවැත්වූවා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ධෛර්යය ඉතා ඉහළයි. කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩකයන්ගේ කැපවීම ධනාත්මක මට්ටමක තියෙනවා.

අපේ දගපන්දු සුසංයෝගය ඉතා විශිෂ්ටයි.වනිදු කියන්නෙ ලෝක මට්ටමේ දගපන්දු යවන්නෙක්. ඒ වගේම මහීෂ් අභිරහස් පන්දු යවන්නෙක්. ඒ වගේම ජෙෆ්‍රි වැන්ඩසේ ඉන්නවා.ධනංජය සිල්වා කියන්නෙ ඕනම වෙලාවක ප්‍රතිවාදීන්ට අභියෝගයක් වෙන්න පුලුවන් පන්දු යවන්නෙක්. වේගපන්දු බලඇණිය සතුව ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර ඉන්නවා.

ඒ වගේම නවක පන්දු යවන්නන් දෙදෙනා ඩිල්ෂාන් හා ප්‍රමෝද් දක්ෂතා අතර ඉන්නවා. පල්ලෙකැලේදී අපේ පන්දු යවන්නන් පන්දුව හොදින් දෝලනය කළා. ඕස්ට්‍රේලියාවේදී ඒක අපිට හුගාක් උපකාරි වේවි.

අපි ආසියානු කුසලාන තරගාවලියෙන් පස්සෙ හොද තැනක ඉන්නවා. නමුත් ඩුබායි වල හා ඕස්ට්‍රේලියාවෙ තත්වයන් වෙනස්. ඒවාට අනුගත වෙන එක ඉතා වැදගත්. මගේ සහායක කාර්ය මණ්ඩලය දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග, වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ, පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් සහ සහය & පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සෑම විටම ක්‍රීඩකයන්ට සහාය දක්වනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button