නිල වශයෙන්ම බුම්රා ලෝක කුසලානයෙන් ඉවතට – ආදේශකය කවුද ?

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා එළඹෙන T20 ලෝක කුසලානය සදහා ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

මින් පෙර බුම්රා ආබාධයකට ලක්ව සිටින බව ප්‍රකාශ කළත්, ඔහු ලෝක කුසලානයෙන් ඉවත් වීම නිල වශයෙන් ප්‍රකාශ කළේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් දීර්ඝ පරීක්ෂණය කිහිපයකින් පසු මෙම තීරණය ලබා ගෙන ඇති එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරනවා.

කෙසේ වෙතත් බුම්රා වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා තවමත් නිවේදනය කර නැහැ,

මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ් හෝ දීපක් චහාර්ට එම අවස්තාව හිමි වන බව විචාරකයන්ගේ මතයයි.

ඔක්තෝබර් 15 වැනිදා දක්වා සිය සංචිතය සදහා වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව ඉන්දියාවට හිමිවෙනවා.

පිට කොන්ද ආශ්‍රිත වේදනාවක් හේතුවෙන් බුම්රා දකුණු අප්‍රිකානු තරගාවලියෙන් විවේක ගැන්වූ අතර, පසුව ඔහු වැඩිදුර පරික්ෂණ සඳහා බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කෙරුනා.

ආබාධයක් හේතුවෙන් බුම්රාට නිමා වූ ආසියානු කුසලාන තරගාවලියත් මග හැරීම විශේෂත්වයක්.

බුම්රා විශේෂ පන්දු යැවීමේ ඉරියව්වක් පවතින ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ ආබාධයට හේතුව එම ඉරියව්ව බව විශේෂඥයන් පවසනවා.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම මේ මස 6 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මින්පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාටත් T20 ලෝක කුසලානය අහිමි වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button