ශ්‍රී ලාංකික ක්‍රිඩකයෙක්ද සමගින් ලෝක කුසලානයේ සුපිරි දස්කම් දැක්වීමට ඉඩ ඇති ක්‍රීඩකයන් පහ අයි.සී.සීය නම් කරයි!

ක්‍රිකට් ලෝකයේම ඉහළ අවදානයක් දිනා ඇති ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ සති දෙකකටත් නොඅඩු කාලයක්.

මෙවර තරගාවලියේ ඉහළම අවදානයක් දිනූ කණ්ඩායම් අතර සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට ක්‍රීඩා කිරීමට මේ වන විටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් අවසන්.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් මෙවර තරගාවලියේ දී ඉහළ දකෂතා දැක්විය හැකි ක්‍රීඩකයන් පස්දෙනෙකු නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

අයි.සී.සීයේ ක්‍රීඩා විචාරකයන් එක්ව මෙම ක්‍රීඩකයන් පහ නම් කර තිබේ.

මෙම ක්‍රීඩකයන් පස්දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එම ක්‍රීඩකයන් පස්දෙනා නම්,

1) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

2) ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)

3) ජොශ් බට්ලර් (එංගලන්තය)

4) සූර්යකුමාර් යාදව් (ඉන්දියාව)

5) මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)

මේ අතර තරගාවලියේ දස්කම් දැක්විය හැකි යොවුන් ක්‍රීඩකයන් පස්දෙනෙකුද අයි.සී.සීය විසින් නම් කර තිබේ. එම ක්‍රීඩකයන් පස්දෙනා නම්,

1) ආර්ශ්දීප් සිංග් – ඉන්දියාව

2) ව්‍රිත්යා අරවින්ද් – එක්සත් අරාබී එමීර් රාජ්‍යය

3) ෆසල්හක් ෆාරූකී – ඇෆ්ගනිස්ථානය

4) ට්‍ර්ස්ටන් ස්ටබ්ස් – දකුණු අප්‍රිකාව

5) නසීම් ශා – පාකිස්තානය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button