බිංදුවේ සිට වීරයා දක්වා – ඉන්දියාවත් අසරණ කළ රිලී රොසව්ගේ කතාව!

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තෙවැනි හා අවසන් T20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

නමුත් තරගාවලියේ ජය තරග 2-1 ක් ලෙස ඉන්දියාවට හිමි වුනා.

ඉන්දෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් බිඳ වැටී ලකුණු 227ක් ලබා ගත්තා.

එහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රයිලි රොසෝව් පන්දු 48 කින් ලකුණු 100 ක් ලබා ගත්තා. ඒ, හයේ 8ක් හා හතරේ 7 ක් සමගින්.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු දහයම බිඳ වැටි ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

දිනේෂ් කාර්තික් ලකුණූ 46(21) ක් රැස් කළ අතර, දීපක් චහාර් ලකුණු 31 ක් ලබා ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රයිලි රොසව් ගැන රසිකයෙක් තැබූ සටහනක් පහතින්,

2016න් අවුරුදු හයකට පස්සේ ආපු හාදයා නැවතත් නවත්තපු තැනින් කතාව පටන් ගත්තා.

ඒ ලැබුනු අවස්ථාවෙන් එයාට මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා එයා 2016න් පස්සේ දීර්ඝ විවේකයකින් අනතුරුව මේ අවුරුද්දේ ඇවිත් ක්‍රීඩා කල දෙවෙනි ඉනිමෙන්ම පෙන්නනවා.

ඒ එදා එංගලන්තයට එරෙහිව මෙයා  ලකුණු 96ක් ලබාගෙන. අවාසනාවකට ඒ විශිෂ්ඨ ඉනිම ශතකයක් කරා කැන්දාගෙන යන්න එදා එයාට බැරි වෙනවා.

ඔන්න අද,

ඒ ලැබුනු අවස්ථාව මොන තරම් හොද තීරණයක්ද කියලා මෙයා පෙන්නන්නේ එදා අහිමි වෙන ශතකය මෙවර සම්පූර්ණ කරමින්,

ලකුණු 100යි. පන්දු 48යි. හතරේ ඒවා 7යි. හයේ ඒවා 8යි

මනුස්සයෙක්ට ජීවිතේ දෙවෙනි අවස්ථාවක් ලැබෙනවා. පලවෙනි අවස්ථාව මග හැරුණත් දෙවෙනි අවස්ථාව නම් ලේසියෙන් නැති කර ගන්න එපා !!!

මෙයා ඒකට හොදම උදාහරණයක්, දෙවෙනි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button