දුෂ්මන්ත චමීරට ඕස්ට්‍රේලියාවේදි ශල්‍ය කර්මයක්! (Breaking News)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට නැවත වරක් ශල්‍ය කර්මයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලානයටත් ක්‍රීඩා නොකළ චමීර, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට තෝරාගත්තා.

කෙසේ වෙතත් චමීරගේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව නොවූ අතර, ඔහුට ඕස්ට්‍රේලියාවේදි වළලුකර ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත් මෙම ශල්‍ය කර්මය T20 ලෝක කුසලානයෙන් පසුව සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ඔහුට ලෝක කුසලානයෙන් පසු සති හයක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වෙනවා.

එසේම ලෝක කුසලානයෙන් පසු පැවැත්වීමට නියමිත T10 තරගාවලියද චමීරට ඒ අනුව මග හැරෙනු ඇත.

මෙම ශල්‍යකර්මයෙන් පසුව චමීර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සීමිත කිරීමටත් නියමිතව බව වාර්තා වෙනවා.

ඔහුව වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු අත්‍යාවශ්‍ය ටෙස්ට් තරග වලදී පමණක් යොදා ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button