කොදෙව්වන්ගේ අවසන් පන්දු වාරයේ දුර්වල පන්දු රැකීම ඕස්ට්‍රේලියානුවන්ට ජය ගෙනා හැටි! (VIDEO)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

එයට ප්‍රධාන හේතුව වූයේ අවසන් පන්දු වාරයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීමයි.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සඳහා කඩුලු 7ක් බිඳ වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 11 ක් ලබා ගත යුතු වූ අතර, ශෙල්ඩන් කොට්‍රෙල් යොමු කළ එම පන්දුවාරයේ දී මැතිව් වේඩ් ලබා දුන් උඩ පන්දුවක් රේමන් රයිෆර් අතින් ද, මිචෙල් ස්ටක් ලබා දුන් උඩ පන්දුවක් ක්යල් මේයර්ස් අතින් ද ගිලිහී යාම තරගයේ ප්‍රතිපලයට බෙහෙවින් බලපානු ලැබුවා.

එමෙන්ම අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේදීත් මිචෙල් ස්ටාක් දුවද්දී දවා ගැනීමට කොදෙව් කණ්ඩායමට අවස්ථාවක් හිමි වුනත් එයත් දුර්වල පන්දු රැකීම නිසා අහිමි වුනා.

එම දුර්වල පන්දු රැකීම පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button