ක්‍රීඩකයෙක් අඩුවෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව බලා යයි – තවමත් ඉන්දියාවේ පහළොස්වෙනියා කවුද ?

එළඹෙන T20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීම උදෙසා ඉන්දීය කණ්ඩායම ඊයේ (6) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

ප්‍රධාන සංචිතය සහ අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනෙක්ද සමගින් ක්‍රීඩකයින් 18 දෙනෙකු ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

විශේෂත්වය වන්නේ ප්‍රධාන සංචිතයේ 15 වැනි ක්‍රීඩකයා තවමත් නම් නොකිරීමයි.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක් වූ අතර ඔහුගේ ආදේශය ඉන්දීය තේරීම් කමිටුව විසින් තවමත් නම් කර නැහැ.

කෙසේ වෙතත් අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනාට අයත් වන වේග පන්දු යවන්නන් වන මොහමඩ් ෂාමි සහ දීපක් චහාර් දෙදෙනාගෙන් අයෙකු මේ සදහා නම් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මොහොමඩ් ෂාමිද අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඔහුගේත් ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කර ඉන්දීය සංචිතයේ 15 වැනි ක්‍රීඩකයා නිවේදනය කිරීමට නියමිතයි.

මොහොමඩ් ෂාමි ඒ සඳහා වඩාත්ම ඉඩ ඇති ක්‍රීඩකයා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button