ලෝක කුසලානය ඔන්න මෙන්න තිබියදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇබැද්ධියක්!

මෙවර T20 ලෝක කුසලානය ආරම්භ වීමට ඇත්තේ දින කිහිපයක් වූවත් බොහෝ ප්‍රධාන කණ්ඩායම් තවමත් සිය සංචිත වෙනස් කරමින් සිටිනවා.

මේවනවිට තවත් කණ්ඩායමක ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් ප්‍රෙටෝරියස්ය.

වම් අතෙහි ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ප්‍රෙටොරීයස් වෙනුවට මාර්කෝ ජන්සෙන් දකුණු අප්‍රිකා එක්දින සංචිතය සදහා කැදවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

T20 ලෝක කුසලානයටත් දකුණු අප්‍රිකා සංචිතයට මාර්කෝ ජන්සෙන් නම් කිරීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

මින්පෙර දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන් ඩර් ඩුසේන් ද ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button