චාර්ලි ඔස්ටින්ගෙන් පසු ක්‍රිකට් කළමණාකරන ව්‍යාපාරය හසුරවන කවුද මේ ඈෂ් අසංක ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ කවරදාකටත් වඩා වැටී තිබේ. එවන් පසුබිමක ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙ විනය පිරිහි යාමත් පසුගිය දිනවල දැඩි ලෙසට කතාබහට ලක්වුනි.

මේ අතර ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් පිළිබඳවත් දැඩි කතාබහක් ඇතිව තිබේ. මේ අතර ප්‍රධාන වන්නේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩිම පිරිසක් සමග ගිවිසුම් අත්සන් කර සිටින, වර්තමාන ක්‍රිකට් කළමණාකරණ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස හැඳින්වෙන අසංක විජේවර්ධන නොහොත් ඈෂ් අසංකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මුල්ම වරට ක්‍රීඩක කළමණාකරුවෙක් හඳුන්වා දෙන්නේ හිටපු නායක කුමාර් සංගක්කාර විසින් 2009 වසරේදීය. ඒ සිය ව්‍යාපාරික සගයා වූ චාර්ලි ඔස්ටින් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා සමග ගිවිසුම් අත්සන් කරමින්ය. ඉන්පසුව මෙරට බොහෝ ක්‍රීඩකයන් චාර්ලි ඔස්‍ටින් සමග ගිවිසුම් ගත විය.

කෙසේ වෙතත් පසුව සමාජජාලා ඔස්සේ එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් 2017 වසරේදී චාර්ලි ඔස්ටින්ට ශ්‍රී ලංකාව සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අතහැර යෑමට සිදුවිය.

අසංක විජේවර්ධන ක්‍රීඩක කළමණාකරුවෙක් ලෙසට ශ්‍රී ලංකාවට ආගමනය සිදුවන්නේත් එම කාලසීමාවේදීය.

කිසිදු ක්‍රිකට් පසුබිමක් නොතිබූ අසංක විජේවර්ධන එංගලන්තයේ හිටපු බස් රථ රියදුරෙකි. ඔහු හිටපු ඇන්ජලො මැතිවුස්ගේ සොහොයුරාගේ ව්‍යාපාරික සහකරුවාද විය.

ඇන්ජලො මැතිවුස් මෙරට ජාතික කණ්ඩායමේ නායකත්වය පත්වූ පසු අසංක විජේවර්ධන මැතිවුස්ගේ සහයෙන් ක්‍රීඩක කළමණාකරණ ව්‍යාපාරයට සම්බන්ධ විය.

අසංක විජේවර්ධනට ක්‍රීඩකයන් සපයා දුන්නේ එවකට ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිවුස් විසිනි.

සිය නායකත්ව බලතල භාවිතා කරමින් තමන් යටතේ ජාතික කණ්ඩායමට වරම් ලබනා යොවුන් ක්‍රීඩකයන් අසංක විජේවර්ධනගේ ගොඳුරු බවට පත් කිරීම මැතිවුස් කටයුතු කළේය.

මේ අනුව ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් ඇතුලු ක්‍රීඩකයන් රැසකගේ වර්තමාන කළමණාකරු ඈෂ් අසංක නොහොත් අසංක විජේවර්ධනය.

ඈෂ් අසංක සැලකෙන්නේ දැඩි මත්පැන් සහ ස්ත්‍රී ලෝලී පුද්ගලයෙකු ලෙසය. ඇන්ජලො මැතිවුස් නායකත්වය දැරූ සමයේ ඔහු කණ්ඩායම සමග සංචාර වලට එක්වූ අතර, කණ්ඩායම් බස් රථයේ ස්ථානයක්ද ඔහුට වෙන් විය.

පසුගිය ආසියානු කුසලානයේ සිය ආබාධය සංචාරයට ගොස් නැවත පැමිණීමට ධනුෂ්ක ගුණතිලක පෙළඹවූයේත් අසංක විජේවර්ධන බව හෙළිවිය. ඒ පුහුණුවීම් අතරතුර ආබාධයට ලක් වූ බව පෙන්වා රක්ෂණ මුදල් ලබා ගැනීමටය.

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය පිරිහිමට මෙවන් ක්‍රීඩක කළමණාකරුවන්ද එක් ප්‍රධාන හේතුවක් වන අතර

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button