ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනසක් – අශේන් බණ්ඩාර, පැතුම් නිස්සංක ඇතුලට, ඇන්ජි කැපේ (Breaking News)

එළඹෙන T20 ලෝක කුසලානය උදෙසා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් පස්දෙනෙකු ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ අනුව පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බන්ඩාර, ලක්ෂාන් සදකැන් සහ රමේශ් මෙන්ඩිස් මෙලෙසින් සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

ඇන්ජලො මැතිවුස් සිය පුහුණුවීම් ඇරඹූවත් ඔහු සංචිතයට ඇතුලත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර නැහැ.

පැතුම් නිස්සංක පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වී සිටියදී ඔහු ලෝක කුසලාන සංචිතයට එක්කිරීම මවිතයට කරුණක් බව විචාරකයන් පවසනවා.

පැතුම් දක්ෂ ටෙස්ට් ක්‍රිකට් ආකෘතියට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button