නැති ජයක් පාකිස්තානයට ගෙන ආ අසීෆ් අලීගේ සුපිරි හයේ පහර හතර! (Video)

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් අවදානය දිනූ තරගයක් ඊයේ (29) පැවැත්වුනා. ඒ ඇෆ්ගණිස්ථානය සහ පාකිස්තානය අතර තරගයේදීයි.

එහිදි තරගාවලියේ අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එනමුත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.

එහිදී ඇෆ්ගන් ඉනිමේ 7 වැනි කඩුල්ල සදහා නායක මොහොමඩ් නබී හා ගුල්බදීන් නයිබ් පන්දු 45කින් නොබිදුණු ලකුණු 71ක සබදතාවයක් ගොඩ නැගීම එම ඉනිමේ නැංගුරම බවට පත්වෙමින්.

පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී ඉමාඩ් වසීම් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුනා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බබාර් අසාම් ලකුණු 51යි. ෆකාර් සමාන් ලකුණු 30ක් රැස් කළා. කෙසේ වෙතත් දිනයේ වීරයා වෙමින් පාකිස්තාන කණ්ඩායම වෙත නැති ජයක් ගෙන ආවේ අසීෆ් අලි විසින්.

ඉනිමේ අවසන් පන්දු 12 තුළදී ලකුණු 24ක් තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට අවශ්‍ය වූ අතර, කරීම් ජනට් යොමු කළ තරගයේ 19 වැනි පන්දුවාරයේ දී අසිෆ් අලී හයේ පහරවල් 4ක් එල්ල කරමින් පාකිස්තානයට සුපිරි ජයක් හිමි කර දුන්නා.

අලී පන්දු 7කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 25ක්.

ඔහුගේ සුපිරි ඉනිම පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button