ලෝක කුසලානයට නම් නොකළ ක්‍රීඩකයෙක් ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි – තේරීම් කමිටුවට දැඩි විවේචනයක්!

ආසියානු කුසලානයේදි ලැබු පරාජයෙන් පසුව පැවැත්වුනු පළමු T20 තරගාවලියේ පළමු තරගයෙනුත් ඉන්දීය කන්ඩායමට පරාජයක් අත් වූවා.

ඒ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මොහාලි හීදී පැවැති තරගයෙනුයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 208 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කේ.එල් රාහුල් පන්දු 35ක් තුල ලකුණු 55ක් සහ සූර්යකුමාර් යාදව් පන්දු 25කින් ලකුණු 46ක්ද ලබා ගත්තා.

ආසියානු කුසලානයේ සාර්ථක වූ විරාත් කෝලි පන්දු 7ක් තුල ලකුණු 2කට දැවී ගියා.

ඉන්දියාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය හර්ඩික් පාන්ඩ්යා පන්දු 30 කින් ලකුණු 71 නොදැවී රැස් කළේ යෝද හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ද සමගින්. ඔහු ඉනිමේ අවසන් පන්දු තුනට පිට පිට හයේ පහර තුනක් එල්ල කිරීමත් විශේෂත්වයක්.

පන්දු යැවීමේදී නේදන් ඇලස් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුනා.

ජයග්‍රහණය උදෙසාලකුණු 209 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

T20 ලෝක කුසලාන සංචිතයට නම් කර නොමැති කැමරන් ග්‍රීන් පන්දු 30 කින් වේගවත් ලකුණු 61 ක් වාර්තා කළේ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට ප්‍රශ්නාර්ථයක් එක් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුලත් වුනා.

මේ සමග විචාරකයන් කැමරන් ග්‍රීන් T20 ලෝක කුසලානයට නම් නොකිරීමේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ තීරණය දැඩිව විවේචනය කරනු දැක ගත හැකි වූවා.

ස්ටීවන් ස්මිත් ලකුණු 35ක් ලබා ගත්තා. මින්පෙර සිංගප්පූරු කණ්ඩායම නියෝජනය කළ ටිම් ඩේවිඩ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය පළමු තරගය ක්‍රීඩා කළා. එහිදි ඔහු ලකුණු 18ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය මැතිව් වේඩ් පන්දු 21 කින් හයේ පහර 2 ක් හා හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස් කළා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේ අක්සාර් පටෙල් පන්දුවාර 4 ක් යොමු කරමින් ලකුණු 17කට කඩුලු 3 ක් දවා ගත්තා.

යුස්වේන්ද්‍ර චෙහල් සිය පන්දුවාර 3.2 තුළ එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 42 ක් ලබා දෙමින්. බුවනේෂ්කුමාර්ගේ පන්දුවාර හතර තුල ඕස්ට්‍රේලියාව ලකුණු 52ක් උදුරා ගැනීම විශේෂත්වයක්.

කැමරන් ග්‍රීන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button