ශ්‍රී ලංකා සංචාරයෙන් අති දක්ෂයන් දෙදෙනෙක් ඉවත් කරයි – ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

මෙම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය හිමිව ඇත්තේ ආරෝන් ෆින්ච්ටයි.

කෙසේ වෙතත් ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් මෙම සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමග වන මෙම තරගාවලිය සැහැල්ලු පහසු තරගාවලියක් ලෙස සලකන අතර ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ද තරගාවලියට එක් නොවී විවේක ගෙන තිබේ.

වඩා තරගකාරී තරගාවලියක් වන එළඹෙන පාකිස්තාන තරග සංචාරයට සූදානම් වීමේ අරමුණෙන් මෙම ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ශ්‍රී ලංකාව සමග තරගාවලියෙන් විවේක ගෙන තිබේ.

ඒ අනුව ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් මෙම තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු තනතුරු වැඩ බැලීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය තරග ක්‍රීඩා නොකළ ජෝෂ් හේසල්වුඩ් මෙම තරගාවලියට නම් කර තිබේ. ආධුනික ක්‍රීඩක බෙන් මැක්ඩර්මොට්ද සංචිතයට ඇතුලත් කිරීමටත් එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු පසුගිය බිග් බෑෂ් තරගාවලියේ දස්කම් දැක්වූවා.

ජයි රිචර්ඩ්සන්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස් යන ක්‍රීඩකයන්ටත් යළිත් අවස්තාවක් හිමිව තිබේ.

තරග පහකින් යුත් තරගාවලිය එළඹෙන පෙබරවාරි 11 වනදා ඇරඹීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු සංචිතය

ආරොන් ෆින්ච්, පැට් කමින්ස්, ඇෂ්ටන් අගාර්, ජොෂ් හේසල්වූඩ්, ට්‍රේවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස්, ජොන් ඉංග්ලිෂ්, බෙන් මැක්ඩර්මොට්, ග්ලෙන් මැක්ස්වෙල්, ජයි රිචර්ඩ්සන්, කේන් රිචර්ඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඇඩම් සම්පා

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button