“කුසල්ගෙන් දැන් මොකක්ද ප්ලෑන් එක ඇහුවම මුකුත් නෑ නිකන් ඉන්නවා කිව්වා” කුසල් මෙන්ඩිස් ගැන අවිශ්ක ප්‍රනාන්දුගෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රසල් ආනෝර්ඩ් විසින් සෑම ඉරිදා දිනකම පවත්වන Chilling with Russel වැඩසටහන අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන උපුල් තරංග හා අවිශ්ක ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා.

එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මත් ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා.

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් පසුගිය එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් කළා. ඉන් සති කිහිපයකට පසු අවිශ්ක ගුණවර්ධන හට කුසල් මෙන්ඩිස්ව මුන ගැසී ඇති අතර එහිදී අවිශ්ක විසින් මෙන්ඩිස්ගෙන් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ඇති සැලැස්ම කුමක්දැයි විමසා තිබේ.

එයට පිළිතුරු දෙමින් කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කර ඇත්තේ එලෙස කිසිම සැලසුමක් තමන්ට නොමැති බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අවිශ්ක පැවසුවේ

“එංගලන්තයට එරෙහිව පැවතී ටෙස්ට් තරඟයෙන් පසුව කුසල් මෙන්ඩිස්ට විවේකයක් ලබා දුන්නා. ඊට සති දෙක, තුනකට පස්සේ මට කුසල්ව මුණ ගැහුනා. මම ඇහුවා ‘දැන් මොකද කරන්නේ ‘කියලා. මෙන්ඩිස් කිව්වා ‘මුකුත් කරන්නේ නැහැ’ කියලා. මම ඇහුවා ‘මොකක් හරි ප්ලෑන් එකක් තියනවාද?’ කියලා. එතකොට මෙන්ඩිස් කිව්වා ‘නෑ.. එහෙම එකක් නෑ. මට පොඩි විවේකයක් ගන්න කිව්වා කියලා.’ යනුවෙන් ප්‍රකාශ කළා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button