යොවුන් කණ්ඩායම ගොඩ ගන්න අවිශ්කට භාර දෙයි

හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. කණ්ඩායමේ කළමණාකරු ලෙස මහින්ද හලංගොඩ වැඩ භාර ගැනීමටත් නියමිතව ඇති බව වාර්තා වේ.

අවිශ්ක ගුණවර්ධන මෙරට සිටින දක්ෂ පුහුණුකරුවෙකු වන අතර, ඔහු මින්පෙර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය. කෙසේ වෙතත් 2019 වසරේදී තරග පාවාදීමේ චෝදනාවකට ඔහු ලක්වූ අතර, පසුව ඔහු එම චෝදනා වලින් නිදහස් කෙරීය.

එළඹෙන යොවුන් ආසියානු කුසලානය සහ‍ යොවුන් ලෝක කුසලාන තරගාවලි අරමුණු කරගනිමින් මෙම පත්කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වේ.

මින්පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 26 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය නම් කළේය.

ප්‍රබල එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ලේකම්වරයෙකු වන මහින්ද හලංගොඩ, සැලකෙන්නේ ක්‍රීඩක විනය ඉහළින්ම සොයා බලන්නෙක් ලෙසය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button